― political ―

දරුවෝ වෙනුවෙන් දෙයක් කරද්දි ඉරිසියා කරන්න එපා

කුහකයින්ගේ කතාවලට රැවටෙන්න එපා යැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ කුහකකම් නිසා රටේ සුබවාදී දේවල් කඩාකප්පල් වන බවත් මේ අයට පුරුදු ගොඩ නැගීම...
HomeNewsරුමේනියා යවනවැයි එක්කෝටි දස ලක්ෂයක් ගැරූ කතක් අත්අඩංගුවට

රුමේනියා යවනවැයි එක්කෝටි දස ලක්ෂයක් ගැරූ කතක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් එක්කෝටි දස ලක්ෂයකට වඩා වැඩි මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කර්යංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයකට අනුව සැකකාරිය මැලේසියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර කාන්තාව කලක් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක සේවය කර ඇති අතර එම කාලය තුළ රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 48 දෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකාරිය තවත් කාන්තාවක් සහ පිරිමි අයෙකු සමඟ එක්ව මෙම වංචාව සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සැකකාරිය මීට මාස දෙකකට පමණ පෙර හොර රහසේම මැලේසියාවට ගොස් ඇති අතර ඊයේ දිනයේදී ආපසු දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

වංචාවට සම්බන්ධ අනෙකුත් සැකකාරිය සහ සැකකරු සොයා විදේශ රැකියා නියුක්ති කාර්යංශය විමර්ශන සිදුකරනු ලබනවා.