26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවට එරෙහි ඇෆ්ගන් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි ඇෆ්ගන් සංචිතය නම් කෙරේ

ලබන මස මුලදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා මේ වනවිට IPL පිටියේ දක්ෂතා අතර සිටින රෂීඩ් ඛාන්, රහ්මානුල්ලා ගුර්බාස්, නූර් අහමඩ් සහ ෆසාල්හක් ෆාරුකිද එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 02 වනදා ආරම්භ වන අතර දෙවන සහ අවසන් එක්දින තරග ජුනි මස 04 වනදා 07 වනදා පැවැත්වීමයි සැලසුම්කර ඇත්තේ.

එක්දින තරගාවලිය වෙනුවෙන් නම්කළ ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්,

හෂ්මතුල්ලා ෂාහිඩ් (නායක), රහමත් ෂා (උප නායක), රහ්මානුල්ලා ගුර්බාස්, ඊබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් නබි, ඉක්‍රම් අලිඛිල්, අස්මතුල්ලාහ් ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, අබ්දුල් රහ්මාන්, ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ් මලික්