30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමල් කැකුළකට හදි කළ 62 හැවිරිදි හිමිනම රිමාන්ඩ්

මල් කැකුළකට හදි කළ 62 හැවිරිදි හිමිනම රිමාන්ඩ්

11 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 62 හැවිරිදි හිමිනම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේ විහාරයක වැඩසිටි හිමිනමක් වන අතර අපයෝජනයට ලක්වූ දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධයෙන් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පවසන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළදී දැරිය අපයෝජනයට ලක් කර ඇති බවයි. 36 හැවිරිදි දැරියගේ මව විසින් එම ස්ථානයට දැරිය රැගෙන ගොස් ඇති අතර එහිදී මවට අධික ලෙස මත්ද්‍රව්‍ය ලබා දී නිදාගැනීමට සලස්වා දැරිය අපයෝජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දින දෙකක් පුරා දැරිය අපයෝජනයට ලක් වී තිබුණද මව විසින් දැරියට මෙම සිද්ධිය කිසිවෙකුට නොපවසන ලෙස තර්ජනාත්මකව බැන වැදී ඇති අතර 11 හැවිරිදි දැරිය සිය පියාට හා මිත්තණියට මෙම සිද්ධිය පැවසීමෙන් පසු පියා පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වුණු ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය අදාළ හිමිනම සහ සිද්ධියට අනුබලදුන් මව අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට සැකකාර හිමිනම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මව ඇප මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.