25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසා පෙළ උපකාරක පන්ති 23 මැදියම් රැයෙන් තහනම්

සා පෙළ උපකාරක පන්ති 23 මැදියම් රැයෙන් තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති මේ මස 23 වැනිදා මාධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම සහ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම ඒ අනුව තහනම් වනවා. මීට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය,එම ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ද මෙහිදී තහනම් බවයි දැනුම් දෙන්නේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ජුනි මස 08 වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වෙනවා.