― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉන්ධන ඉල්ලා සද්දේ දැමූ දොස්තර ගුටි කා රෝහලේ

ඉන්ධන ඉල්ලා සද්දේ දැමූ දොස්තර ගුටි කා රෝහලේ

පානදුර ඉන්ධන පිරවුම්හලක කිව් ආර් කේතයට ඉන්ධන ලබා ගැනීමට යාමේදී වෛද්‍යවරයෙකු සහ පොම්පකරුවෙකු අතර ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් වෛද්‍යවරයෙකු පහරකා රෝහල් ගතව ඇති බවත් පොම්පකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බවත්, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් පොලිසිය කීය.

පහරකෑ වෛද්‍ය වරයා පෙරේදා අළුයම 5.20 ට පමණ මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සදහා තවත් තිදෙනෙකු සමග පැමිණ තිබේ. එහිදී කිව් අර් කේතයේ ඉතිරිව ඇති රුපියල් 4000 ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය කීය.

පසුව පිරවුම්හලේ ආරක්ෂක නිළධාරියාද තල්ලුකර දමා පොම්ප කරුගේ කනට පහරක් එල්ලවී ඇති අතර , අත්අඩංගුවේ පසුවන පොම්පකරු පොල්ලක් රැගෙන එලව එලවා පහරදී ඇති බව සදහන්වේ.

ගැටුම සිදුවන අවස්ථාවේ වෛද්‍ය වරයා සමග පැමිණි තිදෙනා වෛද්‍ය වරයා තනිකර පලගොස් ඇති බවත්, පොම්පකරුට පහරදීම සම්බන්දයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් නිළධාරීයෙක් කීය.

පහරකෑ වෛද්‍ය වරයා රෝහල් ගතව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලක රාජකාරි කරන අයෙක් බවටත් දැනගන්නට ලැබී ඇති බවද පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .