29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුරුඳු සොරා වහල කඩාගෙන බිමට වැටෙයි

කුරුඳු සොරා වහල කඩාගෙන බිමට වැටෙයි

සොරකමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනිමට ගිය සැකකරු නිවසේ වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ වහලෙන් බිමට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව ඉමදුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ පිලාන අමුකොටුකන්ද පදිංචි 35 හැවිරිදි සැකකරුවෙකි.

ඉකුත් අප්‍රේල් 28 වනදින රාත්‍රි දික්කුඹුරේ කුරුඳු වෙළඳසලක් බිඳ කුරුදු සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ සැකකරු නාන කාමරයෙන් වහලට නැග බිමට පැන පලා යාමට උත්සාහ කල අවස්ථාවේ වහලෙන් බිමට වැටි ඇත.

බිමට වැටිමෙන් කකුල කැඩි තිබු සැකකරු පොලිසිය විසින්ම කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද (17) සවස කරාපිටිය රෝහලට ගොස් සැකකරු පරික්ෂා කර බලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියමිතව තිබිණි.