27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් තුනක ආණ්ඩුකාරවරු අද දිවුරයි

පළාත් තුනක ආණ්ඩුකාරවරු අද දිවුරයි

පළාත් තුනක් සඳහා නව ආණ්ඩුකාරවරුන් අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වලට නව ආණ්ඩුකාරවරුන් මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.

මේ අතර හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් යන අය මෙම ආණ්ඩුකාර ධුර සඳහා යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් පසුගිය 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ (16) නිවේදනය කළා.

ඒ අනුවයි පුරප්පාඩු වන එම පළාත් තුනේ ආණ්ඩුකාර තනතුරු සඳහා නව පුද්ගලයින් පත් කිරීමට නියමිතව ඇත්තේ.