27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෙලිඅත්තේ පුද්ගල ඝාතනයක්

බෙලිඅත්තේ පුද්ගල ඝාතනයක්

බෙලිඅත්ත, ගලගම ප්‍රදේශයේ පිහියකින් පහර දී ඊයේ (16) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගලගම, නැගෙනහිර වැවේහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වැඩිමල් සහෝදරියගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කලක සිට පැවති පවුල් ආරවුලක් මුල්කරගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඝාතනය සිදුකළ මෙම තැනැත්තා මීට වසර 14 කට පමණ ඉහත දී සිය සහෝදරියගේ සැමියා ද මේ ආකාරයෙන්ම පිහිකින් පහර දී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.