― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමවගේ අනියම් පෙම්වතාගේ අතින් අවසන් ගමන් ගිය දරුවා

මවගේ අනියම් පෙම්වතාගේ අතින් අවසන් ගමන් ගිය දරුවා

මවගේ අනියම් පෙම්වතාගේ පොලු පහරින් බරපතල තුවාල ලැබූ දාහත් හැවිරිදි පුතෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 50ක් වන කාර්මිකයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකාර පුද්ගලයා පසුගිය 12 වැනි දින බිමත්ව නිවෙසට පැමිණ මියගිය දරුවාගේ මව සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙන අතර එම අවස්ථාවේ දි දරුවා විසින් “බිවිවනම් සද්ද නැතුව ඉන්න” ලෙස ඔහුට පවසා තිබෙනවා.

එයට කිපුණු සැකකරු යකඩ පොල්ලකින් දරුවාට පහර දි තිබෙන බවයි මූලික පොලිස් විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ.

පහරකෑමෙන් තුවාල ලැබූ දහහත් හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිසා ජාතිත රෝහල වෙත මාරු කර යවා තිබෙන අතර එහිදි මෙම දරුවා මියගොස් ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ.