31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහින්ද, පවිත්‍රා සහ රෝහිතගේ විදේශ ගමන් තහනම ඉවතට

මහින්ද, පවිත්‍රා සහ රෝහිතගේ විදේශ ගමන් තහනම ඉවතට

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස අධිකරණය අද (16) නියෝග කළේය.

පසුගිය වසරේ මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි මීට පෙර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූයේ.

මෙම නඩුව අද කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමුකරන ලෙසත් විදේශ ගමන් බලපත්‍ර මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.