― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමාධ්‍යවේදී චමුදිතට එරෙහිව වාරණ නියෝගයක්

මාධ්‍යවේදී චමුදිතට එරෙහිව වාරණ නියෝගයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අයට එරෙහිව මොරටුව දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් ඊයේ (16) නිකුත් කර තිබේ.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ද්වේශසහගත ලෙස ඔහුගේ කීර්ති නාමයට හානි පමුණුවා ඇතැයි ප්‍රකාශ කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යනු ලබන “ටෘත් “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අය විසින් සිදුකර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා විත්තිකරුවන් කරමින් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මොරටුව දිසා අධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ කැඳවීමෙන් අනතුරුවයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව පළමු විත්තිකාර චමුදිත සමරවික්‍රම සිය “truth with Chamuditha” යූ ටියුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කුමන හෝ ආකාරයක වැඩසටහනකින් හෝ වෙනත් මාධ්‍යයකින් පැමිණිලිකරු සම්බන්ධයෙන් මොනයම් හෝ අසත්‍ය සහ වැරදි කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වන පරිදි ද්වේශසහගත ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව එක් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

තවද මෙම නඩුවට ගොනුකර ඇති සාක්ෂි පැමිණිලිකරු සම්බන්ධයෙන් අන්තර්ගත වී ඇති කරුණු පළමු විත්තිකරු විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha” යූ ටියුබ් චැනලය හෝ විත්තිකරුවන් දෙදෙනාම විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් සියළුම සමාජ මාධ්‍ය ගිණුම් තුළින් තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිවද අධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් ද නිකුත් කර ඇත.

මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ එරංගා පින්නදූව මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නීතිඥ ඉශාන් අලවතුරගේ යන මහත්වරුන් පෙනී සිටින ලදි.

මෙම නඩුව මැයි මස 30 වැනිදා යළි කැඳවීමට නියමිතය.