27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටින් පැන්න ෆාස්ටර් ජෙරම්ගෙන් පණිවුඩයක්

රටින් පැන්න ෆාස්ටර් ජෙරම්ගෙන් පණිවුඩයක්

ආගමික සංහිඳියාවට හානි වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා රටින් පිටවීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16) වාරණ නියෝගයක් ලබා ගත්තා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එලෙස වාරණ නියෝගයක් ලබාගන්නා අවස්ථාවේදීත් එම පුද්ගලයා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ. එලෙස සිංගප්පූරුව බලා ගොස් සිටි ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට විශේෂ පණිවුඩයක් එක්කර තිබුණා.

එහි ඔහු දක්වා තිබුණේ ලබන ඉරුදින (21) තමන් යළි ලංකාවට පැමිණෙන බවයි.

“හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු සඳහා ගමන් කරමින් සිටින අතර, ඉරිදා නැවත නිවසට පැමිණේ” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ආගමික සංහිඳියාවට හානි වන ලෙස සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයන් ආගමික නායකයින් සහ සමාජයේ දැඩි දෝෂාරෝපණයක් මොහුට එරෙහිව මේ වනවිට එල්ල වී තිබෙනවා.