28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු මන්ත්‍රීගේ සැප රියේ ගැටී පිය පුතු දෙපළක් ජීවිතක්ෂයට

හිටපු මන්ත්‍රීගේ සැප රියේ ගැටී පිය පුතු දෙපළක් ජීවිතක්ෂයට

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ගාමිණී විජය බණ්ඩාර පැදවූ ජීප් රථයේ ගැටී පියපුතු දෙපළක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ පියපුතු දෙපළ මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේදී මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 11 හැවිරිදි පුත්‍රයායි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අනතුර සිදුකළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සැකකරු කරාටේ ක්‍රීඩා උපදේශවරයෙකු වශයෙන් කටයුතු කරන අතර ඔහු කරාටේ පංතියක් නිමකර ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.