26.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIDH රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි

IDH රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරෙයි

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය මේ වනවිට ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වේ.

එම රෝහලේ ඩෙංගු රෝගීන් සඳහා මීට පෙර එක් වාට්ටුවක් වෙන් කර තිබුණද රෝගීන්ගේ වැඩිවීම නිසා ඔවුන් වෙනුවෙන් තවත් වාට්ටු තුනක් වෙන්කර දීමට රෝහල් බලධාරීන්ට සිදුව තිබේ.

මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඩෙංගු රෝගීන් 66 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දිනකට බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගීන්ගෙන් 12 ඩෙංගු රෝගීන් බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ ඊයේ (16) වනවිට මේ වසරේදී වාර්තා වන ​ඩෙංගු මරණ සංඛ්‍යාව විසි දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.