28.4 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි

අදත් ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (18) දිනයේදීද දිස්ත්‍රික්ක 14කට ශරීරයට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි.

ඒ අනුව පුත්තලම, කුරුණැගල, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, මොනරාගල, හම්බන්තොට, අනුරාධපුර, මන්නාරම, මුලතිව්, යාපනය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ නිසා එම ප්‍රදේශවල ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පාලනය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වී කුඩා දරුවන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලයි.

සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාරමේන්තුව ඉල්ලා සිටියි.