32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගමන් බලපත්‍ර ලබාදෙන ක්‍රමයේ වෙනසක්

ගමන් බලපත්‍ර ලබාදෙන ක්‍රමයේ වෙනසක්

ලබන ජූනි මාසයේ සිට ගුවන් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසීය.

මේ වන විට ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දැඩි තදබදයක් පවතින අතර ආගමන විගමන පාලක ජනරාල්වරයා කියා සිටියේ ජනතාව රවටා මුදල් ගන්නා තැරැව්කරුවන් යම් ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට පෙර නම් කලින් දිනයක් වෙන් කරවාගත් ජනතාවට එම නියමිත දිනට සහ වේලාවට පැමිණ සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබූ නමුත් ඇතැම් තැරැව්කරුවන් නිසි ක්‍රමවේදයෙන් පිට අනීතික ලෙස ජනතාවට සේවා සැලසීමට උත්සාහ කිරීම නිසා පූර්ව දින වෙන්කිරීමේ ක්‍රියාවලිය නවතා දැමීය.