25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනක ඉවත් කරන්න පොහොට්ටුවේ පූර්ණ සහාය

ජනක ඉවත් කරන්න පොහොට්ටුවේ පූර්ණ සහාය

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයෙන් සහ එහි සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය කිසිසේත්ම පක්ෂයක් ලෙස අනුමත නොකරන බවයි එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසන්නේ.

මේ හේතුවෙන් ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට පූර්ණ සහය ලබා දෙන බවයි ලේකම්වරයා කියා සිටියේ.