අද (18) දිනයේදී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය රුපියල් 300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ.
ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රුපියල් 300 සීමාවට වඩා පහළ අගයක් ගන්නා බවයි ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.
මහජන බැංකුව – ගැනුම් මිල රු. 296.59ක් – විකුණුම් මිල රු. 313.52ක්
කොමර්ෂල් බැංකුව – ගැනුම් මිල රු. 296.92ක් – විකුණුම් මිල රු. 310ක්
සම්පත් බැංකුව – ගැනුම් මිල රු. 300ක් – විකුණුම් මිල රු. 312ක්