28.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේවගැති ජෙරම්ව අත්අඩංගුවට ගන්නැයි පෙත්සමක්

දේවගැති ජෙරම්ව අත්අඩංගුවට ගන්නැයි පෙත්සමක්

ආගම්වලට නිගරු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සඳහන් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.