බ්‍රසීලය විසින් ශ්‍රී ලංකාවට ඖෂධ අන්තර්ගත කුප්පි 10,000ක් ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කර තිබේ.
මෙම ඖෂධ තොගය රී ලංකාවේ බ්‍රසීල තානාපති Sergio Luiz Canaes විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය වෙත ඊයේ (17) පිරිනමා ඇත.
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දිගුකාලීන මිත්‍ර සබඳතා වර්ධනය කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද මෙම සුහද ක්‍රියාව අගය කරන බවයි බ්‍රසීල රජය පවසන්නේ.