― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsභාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරීත්වය දරණ Alphabet සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා. වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමටයි ඒ අනුව Alphabet සමාගම තීරණය කර ඇත්තේ.

2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක කාලයක් අක්‍රීය ගිණුම් මෙලෙස ඉවත්කිරීමට පියවර ගන්නා බව එම සමාගම වැඩිදුරටත් පවසන අතර විවිධ ගිණුම් වෙත අනවසරයෙන් පිවිසීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සහ ආරක්ෂක හේතුන් සැළකිල්ලට ගනිමින් ගූගල් සමාගම මෙම තීරණය ගෙනතිබෙනවා.

මෙම තීරණයත් සමග Gmail, Google Drive, Google Workspace, Google Photos සහ ගූගල් ගිණුම් හරහා YouTube වෙත එක්කර ඇති වීඩියෝවන්ද ඉවත්ව යනු ඇති. එම සමාගම වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ මෙම තීරණය පුද්ගලික ගූගල් ගිණුම් සඳහා පමණක් අදාළ වන බවත් ව්‍යාපාර සහ සංවිධාන සඳහා අදාළ නොවන බවත්ය.

මේ වනවිටත් මෙම තීරණය සම්බන්ධයෙන් අදාළ ගූගල් ගිණුම් වෙත දැනුම්දීම ආරම්භ කර තිබෙනවා.