29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසර 13ක අතිකාල නොදුන්නැයි සේවකයෙක් සියදිවි හානි කරගෙන

වසර 13ක අතිකාල නොදුන්නැයි සේවකයෙක් සියදිවි හානි කරගෙන

“වසර 13ක් සේවය කළත් එක මාසයකවත් අතිකාල දීමනාවක් ලැබුණේ නැති බව ඉතාමත් කණගාටුවෙන් දැනුම් දෙමි” යයි ලිපියක් ලියූ කැස්බෑව මාකන්දන සමුපාකාර මල්ශාලාවේ කළමනාකරුවෙකුගේ සිරුර මල්ශාලාව පිටුපස කොටසේ එල්ලෙමින් තිබියදී ඊයේ (17) සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසා සිටිනවා.

සිද්ධියෙන් මියගොස් තිබුණේ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශීය කළමනාකරු ලෙස සේවය කළ පහළ කෑගල්ල, විල්ගමුව පදිංචිව සිටි ඩී. කේ. කිත්සිරි නැමැති 64 හැවිරිදි පුද්ගලයෙකි.

මල් ශාලාවේහි රියැදුරකු ඊයේ (17) පෙරවරුවේ සේවය සඳහා පැමිණි අවස්ථාවේදී කළමනාකරු ලෙස සේවය කළ මියගිය පුද්ගලයාගේ සිරුර පිටුපස කොටසේ බාල්කයක ලණුවකින් එල්ලෙමින් තිබියදී දැක තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කැස්බෑව පොලිසිය කළමනාකරු ලියූ බවට සැකකරන ලිපිය මේසයක් මත තිබී සොයාගෙන ඇත. සාමාන්‍යාධිකාරිවරයා අමතා ලියු ලිපියේ මෙසේද සඳහන් වේ.

මා හට පඩි වැඩි කරන ලෙස ලිපියකින් දැනුම් දුන්නත් ඒ ගැන දෙපාර්තමේන්තුව නොසලකා හැරීම ගැන මා කනගාටුවට පත් වෙනවා. නමුත් මගේ සේවා කාලයේ උදේ 8 සිට සවස 5 දක්වා නමුත්, පැය 24 ක සේවා කාලය තුළ මුර වැටුපක්, රිය සහයක වැටුප් හා කම්කරු වැටුපක් නොමැතිව වසර 13 ක් ඉක්මවා සේවය කර ඇත. වැරැද්දක් සිදු වූ විට එය පසුපස ආවා මිස මා හට වූ අසාධාරණය ගැන සෙවීමට අපොහොසත් වීම ගැන ඉතාමත් කනගාටුවට පත් වෙනවා. ස්තුතියි මෙයට කළමනාකරු කිත්සිරි.” යනුවෙන් එහි සඳහන් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මරණය සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද නියමිතයි.