28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාණිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම්දීමක්

වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම්දීමක්

ආනයන සඳහා ණයවර ලිපි නිකුත් කිරිමේදී ඊට එරෙහිව ආන්තික මුදල් තැන්පතුවක් පවත්වා ගැනීමට අදාළව නිකුත් කර තිබූ විධාන වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව මහ බැංකුව පවසනවා.

2022 වසරේ මැයි 19 වනදා බැංකු පනතේ නියෝගයක් ලෙස ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක ආන්තික නැත්පතුවක් පවත්වා ගත යුතු බවට දැනුම් දී තිබු අතර, 2023 වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කළ තවත් නියෝගයකින් අදාළ ආනයන ලැයිස්තුවට තවත් භාණ්ඩ පෙළක් එක්කරනු ලැබීය.

නව විධානයට අනුව එම නියෝග වහා ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.