25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්වවිද්‍යාල ආචාර්යවරු හා ජනපති අතර හමුවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරු හා ජනපති අතර හමුවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අද (18) පස්වරුවේ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ කියා සිටියේ දැනට ක්‍රියාත්මක බදු සංශෝධන ඇතුළු තමන්ට බලපාන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් මෙන්ම විශ්වවිද්‍යාලවල මේ වනවිට මතු වී ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවයි.