― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවෘත්තීයවේදීන්ගේ ගලනය පාලනයට විවිධ ක්‍රමවේදයන් ආරම්භ කර තිබෙනවා -කෙහෙළිය රඹුක්වැල්ල

වෘත්තීයවේදීන්ගේ ගලනය පාලනයට විවිධ ක්‍රමවේදයන් ආරම්භ කර තිබෙනවා -කෙහෙළිය රඹුක්වැල්ල

වෛද්‍යවරු, හෙද හෙදියන් පමණක් නොව මේ රටේ වෘත්තීයවේදීන්ගේ යම් ගලනයක් දකින්න අතර විවිධ හේතු පැවතිය ද එඑය පාලනය කළ යුතු බවත්, ඒ සදහා විවිධ ක්‍රමවේදයන් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා පත්වීම් ලබාදුන්නා. පසුගිය කාලයේ බඳවා ගැනිමි සිදු කිරීමේ දී නීති රීති තිබුණා. මේ වන විට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස පවතින ආර්ථීක අවපාතයත් සමඟ යම් ආකාරයේ සිමාවන් සමඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට යම්කිසි ආකාරයේ සහනයක් ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා.

වියදම් ඉහළ යාම නිසා ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට පෞද්ගලික අංශයට යාමට නොහැකි, නමුත් එලෙස යෑමේ අවශ්‍යතා ඇති පිරිස් සඳහා රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මේ තුළ සහනදායි වැඩපිළිවෙළක් ඇරඹීමයි සැලැසුම වී තිබෙන්නේ.

අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම අවම මිල ගනන් වලට මේ සේවාව ජනතාවට සපයන්න. නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට පැමිණෙන පිරිස් ඒ තුළ ප්‍රයෝජන ලබාගනියි. උදාහරණයක් ලෙස යම් තැනක රුපියල් 40,000 පමණ වන පරීක්ෂණයක් අපට රුපියල් 25,000 වැනි මුදලකට කරන්න පුළුවන් වෙයි. එමෙන්ම කුමන ආකාරයකින්වත් මුදල් වැය කිරීමට අසීරු කණ්ඩයාමට ඇතැම් පරීක්ෂණ සඳහා පොරොත්තු ලේඛනයේ මාස 06 ක් සිටිය යුතු නම් එම තත්වය මාස 02 දක්වා අඩු කර ගත හැකියි”