27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීනි ආදේශක භාවිතය ගැන අනතුරු ඇඟවීමක්

සීනි ආදේශක භාවිතය ගැන අනතුරු ඇඟවීමක්

බර අඩු කර ගැනීමට හෝ රෝග වළක්වා ගැනීමට සීනි ආදේශක භාවිතා නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මේ පිළිබඳව කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සීනි ආදේශක ආහාරයට එක්කර ගන්නා පුද්ගලයන් දිගු කාලීනව දියවැඩියාව හා හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන බවයි.

සීනි ආදේශක භාවිතා කිරීම ශරීරයේ මේදය අඩු කිරීමට උපකාරී නොවන අතර මරණ අවදානම වැඩි කළ හැකි බවයි මෙම අධ්‍යනයෙන් අනාවරණය වී ඇත්තේ.

විකල්ප සීනිවලට acesulfame K, aspartame, advantame, cyclamates, neotame, saccharin, sucralose, stevia ආදිය ඇතුළත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝෂණ හා ආහාර සුරක්ෂිතතා අංශයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ මෙමගින් කෙටි කාලීනව බර අඩු කර ගැනීමට හැකි වුවද එය වැඩි කල් පවතින්නේ නැති බවයි.

සීනි පරිභෝජනය අඩු කිරීමට බලාපොරොත්තු වන අය ස්වභාවිකව සීනි සහිත ආහාර සහ පැණිරස නොකළ ආහාර පාන අඩු කළ යුතු බවයි ඔහු නිර්දේශ කරන්නේ.