31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනපතිවරයාගේ නියෝගය පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (17) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඒම නියෝගය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදයේ දැක්වෙන්නේ.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමි බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.