23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'හූකා' දුම්කොළ කිලෝග්‍රෑම් 8,010ක් රේගු භාරයට

‘හූකා’ දුම්කොළ කිලෝග්‍රෑම් 8,010ක් රේගු භාරයට

ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සැක කටයුතු බහාලුමක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බහාලුම ව්‍යාජ සමාගමක නමට ශ්‍රී ලංකාවට එවා ඇති අතර එම බහාලුම තුළ තිබී ශීෂා නමැති උපකරණය භාවිතා කර වාෂ්ප දුම් පානය සඳහා අවශ්‍ය වන හූකා තරලය (Hookah Tobacco) අඩංගු පැකට්ටු තොගයක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය විසින් සොයාගෙන ඇත.

එහි මුළු ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 8010ක් වන ග්‍රෑම් 50 බැගින් අඩංගු කුඩා පැකට්ටු 160,200ක් අඩංගු බවයි වාර්තා වන්නේ. මෙලෙස අත්අඩංගුවට ගත් පැඛට් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් 164,000,000ක් පමණ වන බවයි තක්සේරු කර ඇත්තේ.