27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalෆාස්ටර් ජෙරම්ගේ ගුරුතුමා සමඟ මට සම්බන්ධයක් නැහැ - මහින්ද

ෆාස්ටර් ජෙරම්ගේ ගුරුතුමා සමඟ මට සම්බන්ධයක් නැහැ – මහින්ද

ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු හෝ ඔහුගේ ගුරුවරයා වන සිම්බාබ්වේ ජාතික ඌබර්ට් ඒන්ජල් සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එමෙන්ම පසුගිය දිනෙක ජෙරම් ප්‍රනාන්දු විසින් සිදු කරන ලද ප්‍රකාශය තමන් හෙළා දකින බවත් එම ප්‍රකාශය ප්‍රජාව අතර පවතින සංහිඳියාවට හානි පමුණුවන බවත් හෙතෙම අවධාරණය කළේය.

කෙසේනමුත් තමන් අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේදී එක් වතාවක් පමණක් ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු බැහැදැක ඇති බව පැවසූ මහින්ද රාජපක්ෂ කියා සිටියේ එම හමුව සිදු වූවේ ජෙරොම්ගේ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමකට අනුව බවයි.