28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබුලත් විට වෙනුවට සූප්පු කරන්න ටොෆියක්

බුලත් විට වෙනුවට සූප්පු කරන්න ටොෆියක්

බුලත්කොළ යොදා ගනිමින් ටොෆි නිෂ්පාදනය කිරීමට අතුරු වගා හා බුලත් පර්‌යේෂණ ආයතනයට හැකි වූ බව අතුරු වගා, බුලත් පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රවීනා දිසානායක පැවසුවාය.

බුලත් යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමට සිදුකළ පර්‌යේෂණවල ප්‍රතිඵලයක් ලෙස බුලත් ටොෆී නිෂ්පාදනය කිරීමේ පර්‌යේෂණ සාර්ථක වී ඇති අතර හුනු සහ දුම්කොළ සමග බුලත් විට හැපීමට පුරුදුව සිටින පුද්ගලයන්ට එයට ආදේශකයක් ලෙසද වෙළෙඳපොළේ ඇති අධික සීනි සහ ආහාර වර්ණක යෙදූ ටොෆී වර්ග වෙනුවට කුඩා දරුවන්ට ලබා දිය හැකි ටොෆි වර්ගයක් ලෙසද මෙය හඳුන්වා දෙනු ලබයි.

බුලත් නිස්සාරණය කර ලබාගන්නා තෙල්, සීනි, ග්ලූකෝස් සහ වතුර වැනි ද්‍රව්‍ය කිහිපයක් යොදා ගනිමින් මෙය නිෂ්පාදනය කළ හැකි බවත් දියවැඩියාව සහ කොලෙස්ටරෝල් මෙන්ම පිළිකා වැළැක්වීමේ ගුණයක් බුලත්වලට පවතින බැවින් මෙම ටොෆි භාවිතයෙන් සෞඛ්‍යමය වාසිද පවතින බව අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

සීනි සහ ජලය යොදා මදගින්නේ හැඳිගාමින් සීනි හොඳින් දියකර ගත් පසු ග්ලූකෝස් එක්කර එම මිශ්‍රණය නූල් ඇදෙන පදමට පත් වූ පසු සෙට්‍රික් ඇසිඩ් සහ නිස්සාරණය කරගත් බුලත් තෙල් යොදා මිශ්‍ර කර ටොෆි අච්චුවක දමා නිවුණු පසු ටොෆි කොළවල එතීම කළ හැකි බව අධ්‍යක්ෂවරිය පැවසුවාය.

අමුද්‍රව්‍ය කීපයක් භාවිත කර අවම වේලාවකින් සැකසිය හැකි බැවින් මෙය ස්වයං රැකියාවක් ලෙස ඕනෑම අයකුට කළ හැකි බවත්, ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් තම ආයතනය හරහා අවශ්‍ය දැනුම සහ පුහුණුව දීමට හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

#aruna