30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන් මාලයක් කොල්ල කෑ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

රන් මාලයක් කොල්ල කෑ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑ පොලිස් නිලධාරියෙකු මහජනතාව විසින් අල්ලා පොලිසියට භාරදීමේ සිද්ධියක් එතන මඩල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඊයේ (18) රාත්‍රියේ යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් ගෙල බැඳ සිටි රන් මාලය කඩා ගැනීමට මෙම පොලිස් නිලධාරියා උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ බදුරලිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.

පොලිස් කොස්තාපල් රියදුරා මාලය කඩා ගැනීමට පැමිණි යතුරුපැදියද පොලිස් භාරයට බාරයට ගෙන ඇති අතර මොහු වස්කඩුව පොලිස් වසමේ පදිංචි අයෙක් බවයි පොලීසිය පවසන්නේ.