― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉඩම් ආරවුලක් වෙඩි කෑමෙන් කෙළවර වෙයි

ඉඩම් ආරවුලක් වෙඩි කෑමෙන් කෙළවර වෙයි

කඩවත ප්‍රදේශයේ ඊයේ (18) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කඩවත, සූරියපාළුව ප්‍රදෙශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ අයෙක්. මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ සිය නිවස අසළ මාර්ගයේ රැඳී සිටිය දී එම ස්ථානයට පැමිණි තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව එම පුද්ගලයින් වෙඩි ප්‍රහාරයෙන් තුවාල පුද්ගලයාගේ බිරිඳට ද පහරදී එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයෙකු, සහෝදරයාගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් 56, 20 සහ 25 හැවිරිදි වියේ පසුවන ගනේමුල්ල සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සමඟ වෙඩිතැබීමට භාවිත කර ඇති රයිෆල් වර්ගයේ ගිනි අවිය සහ ඔවුන් පැමිණි ත්‍රිරෝදරථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.