― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකළුතර රෝහලේ සැත්කමකින් පසු රෝගියා මියගිය බවට චෝදනා

කළුතර රෝහලේ සැත්කමකින් පසු රෝගියා මියගිය බවට චෝදනා

මියගිය මෙම කාන්තාවගේ ඥාතීන් ප්‍රකාශ කරන ආකාරයට සැත්කමේදී මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය උන්ඩකපුච්චයේ සැත්කමක් නොව මහ බඩවැල ආශ්‍රිතව සිදු කරන ආශ්‍රිතව සිදුකරන සැත්කමක් සිදුකළ බවයි.

සැත්කම සිදු කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයා රෝහලට දන්වා ඇත්තේ මෙම රෝගියාට දියරමය ආහාර ලබා දෙන ලෙසයි.

දියරමය ආහාර පමණක් මෙම රෝගියාට ලබා දී ඇති අතර එම ආහාර උදරයෙන් පිටතට ගලා එන බවත් ඒවා ඉතා දුර්ගන්ධයකින් යුක්ත බවට ඥාතීන් වාට්ටුවේ හෙද නිලධාරීන්ට දැන් වුව ද ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙය සාමාන්‍ය තත්වයක් බවයි.

ඥාතීන් චෝදනා කරන්නේ මෙම සැත්කමෙන් පසු මියගිය කාන්තාව අසාධ්‍ය තත්ත්වයට පත් වූ අතර ඇයගේ බඩවැල් ආශ්‍රයෙන් දිගින් දිගටම ආහාර හා ජලය පිටතට ගලා ඒම වැඩි වූ බවයි. වාට්ටුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලය සිදු කළේ එම ද්‍රව්‍ය එළියට ගලා ඒම වැළැක්වීම සඳහා ගෝස් සහ පුළුන් ඇතුල් කිරීම පමණක් බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයා හමුවීමට රෝගියාගේ ඥාතීන් ඉල්ලීම් කළ ද එම වෛද්‍යවරයා වාට්ටුවට නොපැමිණි බව ඔවුන් පෙන්වා දෙනවා. අනතුරුව මෙම කාන්තාවගේ ඥාතීන් අදාළ මෙම වෛද්‍යවරයා හමුවීමට ඔහු පෞද්ගලිකව රෝගීන් බලන කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වෙත මුදල් ගෙවා උත්සාහ කළ ද එය ද අසාර්ථක වූ බව සඳහන්.

පසුව මෙම කාන්තාවට අසාධ්‍ය වූ බැවින් ඇය කළුතර ශික්ෂණ රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ඥාතීන් රෝහලේ සිටියදීම අදාළ වෛද්‍යවරයා රෝහලට පැමිණෙනු දැක ඔවුන් වෛද්‍යවරයා සමග කතා කිරීමට උත්සාහ කළ ද ඔහු ප්‍රකාශ කර ඇත්තේ රෝගියා පිළිබඳව දෙයියන්ගේම පිහිට බලාපොරොත්තු වන ලෙසයි.

නැවතත් එම මියගිය කාන්තාව දැඩි සත්කාර ඒකකයේ සිට සාමාන්‍ය වාට්ටුවට රැගෙන පැමිණ ඇත්තේ දින කිහිපයකට පසුවයි. ප්‍රතිකාර සාර්ථක මට්ටමක් නොපෙන්වූ නිසා ඥාතීන් රෝහලෙන් ඉල්ලා ඇත්තේ මෙම රෝගියා වෙනත් රෝහලකට මාරු කර යවන ලෙසයි. එහෙත් ඊට ද පළමු වාට්ටුවේ සෞඛ්‍ය අංශ විරුද්ධ වූ බවටයි ඥාතීන්ගේ චෝදනාව වන්නේ.

පසුව ඥාතීන්ගේ බලකිරීම මත එම කාන්තාව පෞද්ගලික ගිලන් රථයකින් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් මෙම රෝගියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ සතියකට පමණ පෙර රැගෙන පැමිණියේ නම් ඇය සුව කර ගැනීමට හැකියාව තිබූ බවටයි.

මෙම කාන්තාවට සැත්කම කළ ස්ථානයෙන් අධික ලෙස ආහාර පිටවීම නිසා විෂබීජ ආසාදනයක් හටගෙන ඇති බවට රාගම රෝහල සඳහන් කර තිබෙනවා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මරණයට පත් වුණා.

පවුලේ ඥාතීන් ඉල්ලා සිටින්නේ මෙවැනි නොසැලකිලිමත් ලෙස සැත්කම් කරන වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවටයි. මෙම වෛද්‍යවරයාට මීට පෙර ද මෙවැනි නොසැලකිලිමත් ලෙස සැත්කම් සිදු කර බරපතළ ලෙස රෝගී වූ පිරිස් පිරිස් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඥාතීන් ප්‍රකාශ කරනවා.

මියගිය කාන්තාවගේ අවසන් කටයුතු අද මලබඩ පොදු සුසාන භූමියේ දී භූමියේදී සිදු කිරීමට නියමිතයි.