29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩොලරයේ වාසිය ළඟදීම ජනතාවට ලබාදෙනවා - මුදල් රාජ්‍ය ඇමති

ඩොලරයේ වාසිය ළඟදීම ජනතාවට ලබාදෙනවා – මුදල් රාජ්‍ය ඇමති

ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට රජය ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. 

වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් 75% පමණ ප්‍රමාණයක් ආනයනික භාන්ඩ හෙයින් ඩොලරයේ අගය අඩුවනවිට එම භාණ්ඩවල මිලද අනිවාර්යෙන්ම අඩුවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

භාණ්ඩවල මිල අඩුකිරීම පිළිබඳව සොයා බැලීමට මුදල් අමත්‍යංශයේ වෙළෙඳ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මේ දිනවල සමීක්ෂණයක් කරන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි. 

ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාරවර්ග,කෘෂි උපකරණ සහ පාසල් උපකරණ මිල ඉදිරියේදී අඩුවිය හැකි බව ද රාජ්‍ය ඇමැති කීය.