28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුලිනතලාරාමයේ ධාතු කරඬුව සොරාගත් දෙදෙනා අත්අඩංගුවට

පුලිනතලාරාමයේ ධාතු කරඬුව සොරාගත් දෙදෙනා අත්අඩංගුවට

කල්දමුල්ල, පුලිනතලාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රනින් නිම වූ ධාතු කරඬුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසනවා.

පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් විසින් සොරාගත් රනින් නිමකර තිබූ ධාතු කරඬුව උණුකර තිබියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඊයේ (18) දිනයේ මෙම සොරකම සිදුකර තිබූ අතර මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 52 සහ 38 යන වයස්වල පසුවන්නන්.

මොවුන් ඉංගිරිය සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු සහ සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.