25 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොඩි හාමුදුරුවන්ට කැත වැඩක් කළ හිමිනම අත්අඩංගුවට

පොඩි හාමුදුරුවන්ට කැත වැඩක් කළ හිමිනම අත්අඩංගුවට

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජන සිදුකළ බවට විහාරාධිපති හිමිනමක් සැකපිට සූරියවැව පොලීසිය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ සූරියවැව – රන්මුදුවැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම බවයි වාර්තා වුණේ. විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට සැකකාර හිමිනම විසින් බරපතළ ලිංගික අපයෝජන සිදුකර ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ.

ලිංගික අපයෝජනට ලක් වූ සාමණේර හිමිනම මේ වනවිට ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකාර හිමිනමකට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින බවයි අනවරණය වී ඇත්තේ.

මේ වන විටවිට හම්බන්තොට මහා අධිකරණය හමුවේ බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් ද අදාළ හිමිනමර එරෙහිව විභාග වෙමින් පවතින බවයි වාර්තා වුණේ.

සැකකාර හිමිනම අද (19) දින හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.