14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය නිමිත්තෙන් යුද හමුදා සාමාජිකයින් 3,702 දෙනෙකු මීළඟ නිලයට උසස් කර තිබේ.
අභිමානවත් ජාතික රණවිරු සැමරුම් උළෙල අද (19) පස්වරුවේදී රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
එම උත්සවයේදී 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්රිවිධ හමුදාවේ, ශ්රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදුකෙරේ.