28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට විරුවන්ගේ විද්‍යුත් වාහන ගෙන්වීමේ කාලය දිගු කෙරේ

රට විරුවන්ගේ විද්‍යුත් වාහන ගෙන්වීමේ කාලය දිගු කෙරේ

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා මෙරටට් එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය සලකා බලන කාලසීමාව මෙම වසරේ සැප්තැම්බර් මස 15 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

පනවා ඇති ආනයන සීමා හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පමණක් මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලැබී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් කැබ්නට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පරිසර හිතකාමී විද්‍යුත් වාහන ගෙන්වීමට විදේශගත ශ්‍රමිකයින්ට අවස්ථාව ලැබී ඇති අතර ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා විදේශගත ශ්‍රමිකයින් නිවැරදි මාර්ග ඔස්සේ මෙරටට එවනු ලබන විදේශ විනිමය දිරිගැන්වීමේ අරමුණින් විදෙස්ගත ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය පසුගිය වසරේ හඳුන්වා දුන්නේය.