32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලංවිම ප්‍රතිසංස්කරණ නව පනත පිළිබඳ අවසන් සාකච්ඡා ඉදිරි දින කිහිපයේ

ලංවිම ප්‍රතිසංස්කරණ නව පනත පිළිබඳ අවසන් සාකච්ඡා ඉදිරි දින කිහිපයේ

ලෝක බැංකු බලශක්ති අංශයේ නීති විශේෂඥ ජෝන් ගලිවර්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ බලශක්ති ප්‍රතිසංස්කරණ උපදේශක හේමන්ත් සහයි මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ(18) පැවැත්විණ.

ඒ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ පනත සහ සංක්‍රාන්ති සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ඉදිරි දින කිහිපය තුළ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රතිසංස්කරණ කමිටු සාමාජිකයින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එක්ව සිටින ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ උපදේශකයින් සහ විශේෂඥයින් සමඟ නව පනත අවසන් කිරීමට සාකච්ඡා කරනු ඇත.