27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නැයි ඉල්ලීමක්

ෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නැයි ඉල්ලීමක්

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව නිෂ්චිතව තහවුරු කරගැනීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇති බව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (18) ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත් ඒ හේතුවෙන් ඒ සදහා අවසර ලබා දෙන ලෙසත් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් කිරීම සඳහා නඩුව කැඳවිමට අධිකරණය දින නියම කළේය.