27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට විවෘත කිරීමට තිබූ ව්‍යාපෘතියක කෝටි ගණනක දේපළ ගිනි ගනී

හෙට විවෘත කිරීමට තිබූ ව්‍යාපෘතියක කෝටි ගණනක දේපළ ගිනි ගනී

අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක් අද පස්වරුවේ හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබෙන ව්‍යාපෘතියකට අයත් රුපියල් කෝටි ගණනක බට තොගයක් එහි තිබූ බවයි වාර්තා වන්නේ.

ජල ව්‍යාපෘතියට අයත් මෙම බට තොගය උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී ගින්න හටගෙන තිබෙනවා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත් වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතක් අනාවරණ වී නොමැති අතර අරණායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.