29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය 9ක් අත්අඩංගුවට

හොර පාරෙන් පාස්පෝට් දෙන්න ගිය 9ක් අත්අඩංගුවට

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ රැඳී සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ විසින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම සැකකරුවන් මෙහි සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොර පාරෙන් සකසා දෙන පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි රැසක් ලැබී තිබේ.

මේ සමබන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ නියෝග කළේ බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසයි.

ඒ අනුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.