― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsෆාස්ටර් ජෙරම්ගේ වත්කම් රැසක් එළියට

ෆාස්ටර් ජෙරම්ගේ වත්කම් රැසක් එළියට

ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව අනාවරණය වී ඇත්තේ ෆාස්ටර් ජෙරම් තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ මිරකල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 09ක් පමණ වන බවයි.

එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසින් මෙම අක්කර හතරක ඉඩම ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම ආයතනය වෙත ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත් බවයි.

එමෙන්ම ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස දෙකක් දේවගැතිවරයාගේ පවුලේ අයගේ නමින් මිලදීගෙන ඇති අතර ලන්ඩන්, යුරෝපය, ඇමරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වලින් මෙරටට පැමිණෙන අයගෙන්ද මෙම ආයතනය වෙත ආධාර මුදල් ලැබී තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ආයතනය සඳහා ආධාර වශයෙන් ගෙවිය හැකි අවම මුදල රුපියල් ලක්ෂ පහක් වන අතර දේවස්ථානය ඉදි කිරීමේදී එයට යොදාගත් ගලක් ද ලක්ෂ පහකට විකුණා ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.