28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalO/L සහ A/L විභාග එකම වසරේ පවත්වනවා - අධ්‍යාපනඇමති

O/L සහ A/L විභාග එකම වසරේ පවත්වනවා – අධ්‍යාපනඇමති

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම එකම වසරේ පවත්වන පරිදි විභාග කාලසටහන යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභායෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට උසස් පෙළ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (18) එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු විසඳීම සඳහා අධ්‍යාපන විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ඩිප්ලෝමා සිසුන් හත්දහස් 800කට ජුනි මස 15 වැනිදා පත්වීම් ලබා දෙන බවයි.

විද්‍යාව, තාක්ෂණ, වැනි ගුරු හිඟයක් පවතින විෂය ක්ෂේත්‍ර සඳහා පිළිගෙන ජාතික හා පළාත් මට්ටමින් වයස අවුරුදු 35ට අඩු උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.