28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආගමන විගමන දෙපාර්මේන්තුව අසල වැටලීමක් - මත්ලෝලීන් 16ක් අත්අඩංගුවට

ආගමන විගමන දෙපාර්මේන්තුව අසල වැටලීමක් – මත්ලෝලීන් 16ක් අත්අඩංගුවට

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්මේන්තුව අසල පිහිටි ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී විවිධ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක්, කේරළ ගංජා ග්‍රෑම් 20ක් සහ හෙරොයින් මත්කුඩු මිලිගෑම් 20ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 20 හා 73 අතර වයස්වල පසුවන හෝකන්දර, කොටහේන, කිරුළපන, කුලියාපිටිය, මාලඹේ, බත්තරමුල්ල, තිස්සමහරාම, මස්කෙළිය, මොරටුව, පැලවත්ත, වත්තල සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

තලංගම පොලීසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.