18 C
London
Friday, June 2, 2023

දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

මෑතකදී අවාසනාවන්ත ලෙස යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ නීති විරෝධී සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ,විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

අනාගත පරපුරේ ආරක්‍ෂිත පියවරක් ලෙස සියලුම පාසල්වල සහයෝගය ඇතිව “සමාජ බුද්ධි ඒකකයක්” පිහිටුවීමට අදහස් කර ඇති බවත් එය තවමත් මූලික මට්ටමේ සාකච්ඡාවන්හි ඇති බවත් ඔහු කියා සිටියේය. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පසුගියදා (18) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ පාසල් ශිෂ්‍යභට උපදේශකවරුන් අමතමින් ජාතික ශිෂ්‍යභට බලකායට ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ කාලීන අවශ්‍යතාවය මෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලටද එය පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

දිවයින සංක්‍රාන්ති කාලපරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටින අතර , රටෙහි සමස්ත පද්ධතියම අඩපණ කිරීමට තුඩු දුන් කරුණු කෙරෙහි අවදානය යොමු කල යුතු අතර රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට මෙන්ම පවතින ක්‍රමයෙහි ගුණාත්මක වෙනසක් සිදු කල යුතු බව අවධාරණය කළේය.

නව උපාධිධාරීන් ඔවුන්ගේ පෞරුෂය, ප්‍රායෝගිකත්වය, දැනුම සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමේ වැදගත් කම පෙන්වා දෙමින් සියලු ක්ෂේත්‍රයන්හි කාලීන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඔහු නැවතත් අවධාරණය කළේය.

පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාගේ ආරාධනයෙන් පොලිස් පුහුණු කොට්ඨාශයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාට විද්‍යාලයේ දීර්ඝ කාලීන සම්ප්‍රදායන්ට අනුකූලව ගෞරව සම්මාන මුරයක් පිරිනමා උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී.

සංචාරය අතරතුර ඔහු පරිපාලන සංකීර්ණය සහ නව ශ්‍රවණාගාරය නිරීක්‍ෂණයට එක් වූ අතර එහිදී පාසල් ශිෂ්‍යභට උපදේශකවරුන් විශාල පිරිසක් අමතන ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා විසින් විද්‍යාල භුමියේ රුක් රෝපණය කිරීමක් සිදු කල අතර එතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදු විය.

විද්‍යාලය ආරම්භයේ සිට මේවන තෙක් ජාතිය වෙනුවෙන් කළ මෙහෙවර අගය කරමින් අනාගත පරපුරට සුරක්‍ෂිත අනාගතයක් සැකසීමට සාමූහිකව කටයුතු කරන සියලු පොලිස් නිලධාරීන්ගෙන් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මහතා ඉල්ලා සිටියේය.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here