28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෂාෆ්ටර්ගේ සිරුර ගොඩගන්න නියෝග

ෂාෆ්ටර්ගේ සිරුර ගොඩගන්න නියෝග

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩ ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය අධිකරණයෙන් ලිඛිතව ඉල්ලා තිබිණී.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයට අදාළ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ රැදී සිටිය යුතු බැවින් ඔවුන්ගේ ගමන් පහසුකම්, නවාතැන් ඇතුළු සියලුම සුබසාධන කටයුතු සියල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබිය යුතුයැයි ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය තවත් නියෝගයක් එම දෙපාර්තමේන්තුවට නිකුත් කළාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.