― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකාන්තාවක් මියගිය සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්

කාන්තාවක් මියගිය සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්

අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ බවයි.

ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙක් සහ කොස්තාපල්වරියන් දෙදෙනෙක් කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණු කොට්ඨාස වෙත මාරු කර යවා තිබෙනවා.

ඊට අමතරව වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පසුගිය 11 වනදා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ශ්වසන අපහසුතාවයකින් පෙළුණු මඩොල්සිම පදිංචි 42 හැවිරිදි තිදරු මවක් මෙලෙස මරණයට පත්වුණා.

අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද නියෝගය අනුව කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ පොලිසියෙන් විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවටයි.

මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස්පති සී. ඩී, වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.