23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකැනේඩියානු මහ කොමසාරිස්ව විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි

කැනේඩියානු මහ කොමසාරිස්ව විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි

කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.

ඒ, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරයක් පිළිබඳව ශ්‍රී ලංකාවට සිදු කළ චෝදනා සම්බන්ධව කරුණු විමසීම සඳහා ය.

එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මැයි 18 වනදා නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කර තිබේ.

දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය සබ්රි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

එල්ටීටීඊ සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙහෙයවූ ත්‍රස්තවාදී යුද ගැටුම මධ්‍යයේ සිදු වූවා යැයි කියන ‘ජන සංහාරය’ පිළිබඳ ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.