― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදියේ ගිලී මියගිය මවට යළි පණ එයි

දියේ ගිලී මියගිය මවට යළි පණ එයි

කටුපොත පොල්පිටිය ප්‍රදේශයේ දී දියේ ගිලී මියගිය බවට වාර්තා වූ කාන්තාවක් මියගොස් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ මියගොස් ඇති බවට පැවසුණු කාන්තාවගේ සිරුර සොයාගෙන ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදීයි.

කටුපොත පොල්පිටිය පදිංචි 79 හැවිරිදි දෙදරු මව ඊයේ (19) මධ්‍යම රාත්‍රියෙන් පසු අතුරුදන්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රියේ නින්දට ගිය මෙම කාන්තාව සම්බන්ධයෙන් අද උදෑසන 6.30ට පමණ කළ සොයා බැලීමේදී ඇය නිවසේ නොමැති බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව ඥාතීන් අවට ප්‍රදේශය සෝදිසි කර බැලීමේදී 07ට පමණ නිවස අසල ඇති පොල්පිටිය වැවේ තිබී ඇයගේ අත්වාරුවක් සහ පාවහන් යුගලයක් සොයා ගැනුණා.

වැවේ ජලජ ශාක පොඩි වී ඇති මාර්ගය ඔස්සේ මෙම කාන්තාවගේ බෑනෑ වැවට ගොස් බැලීමේ දී දැක ඇත්තේ මව එම ස්ථානයේ සිටින බවටයි.

ඔහු “අම්මේ අම්මේ” යනුවෙන් අමතමින් ඇයගේ හිසට අත තබා කතා කර ඇති අතර ඇය ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

අනතුරුව ඥාතීන් මේ සම්බන්ධයෙන් කටුපොත පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව පොලිසිය එම ස්ථනයට පැමිණ තිබූ අතර ප්‍රදේශවාසීන් 200ට අධික පිරිසක් ද එක්ව සිට ඇත්තේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරෙන අපේක්ෂාවෙන්.

උදෑසන 10ට පමණ එම කාන්තාව සිටින ස්ථානයේ ගස් සහ කාන්තාවගේ හිස සෙළවෙන ආකාරය ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඒ පිළිබදව පොලිසියට දැනුම් දී තිබෙනවා.

200ක් පමණ සිටි පිරිස අතරින් කිසිවෙකු හෝ එම ස්ථානයට ගොස් බලන ලෙස ඉල්ලීම් කළ ද ඊට ඉදිරිපත් වී ඇත්තේ තනිව ජිවත් වන තරුණයෙක් පමණයි.

පසුව ඔහුට සහාය සඳහා තවත් පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා ඉතා අසීරුවෙන් සහ ප්‍රවේශමෙන් එම ස්ථානයට ළඟා වී තිබුණා.

ඒ එහි කිඹුලකු සිටින බවට ප්‍රදේශවාසින් කළ අනතුරු ඇඟවීම් ද සැලකිල්ලට ගනිමින්.

ඔවුන් දෙදෙනා එම ස්ථානයට ළඟා වනවාත් සමගම මියගොස් ඇති බවට පැවසුණු කාන්තාව විමසා ඇත්තේ වෑ කන්ද පිහිටා ඇත්තේ කොතන ද යන්නයි.

අනතුරුව එම කාන්තාව මිය ගොස් නොමැති බවට හෙළි වීමෙන් පසු ඇයගේ පුත්‍රයා සහ ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන කටුපොත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම මවගේ තත්වය බරපතල නොවන බවයි වෙද්‍යවරුන් සඳහන් කළේ.

මෙම කාන්තාව මියගොස් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇයගේ නිවස අවමංගල්‍ය උත්සවයකට සූදානම් කර තිබූ ආකාරය ද දැක ගැනීමට හැකි වුණා.